Monday, July 5, 2010

සුදු බණ්ඩාගේ කතාව

Sදු Bන්ඩා හවස මී හරකුන් දක්කාගෙන කන්ද උඩහට ආවේය. කඳුකර අවුවට හසුව කළුවන් මුහුණැතිව Sදු Bන්ඩා නිවසට සේන්දු විය. Sදු Bන්ඩා තෙදරු පියෙකි. ගොවිතැන හැර වෙනත් කිසිවකට යාමට ඔහුගේ රටේ ඉඩක් නොවීය. කූඩැල්ලන් ගැලවීමට කකුල් අතගාන ගමන් බණ්ඩා මෙසේ සිතීය.

කොළඹ ඉන්න මහත්තුරුන්ට වගේ අපිටත් නිකංම ඉදලා සල්ලි ගන්න.. ජැන්ඩියට ඇඳ පැලඳ‍ගෙන ගෙවල් ඇතුලට ගිහිල්ලා ලියන වැඩ කරලා කාසි හොයාගන්න පුලුවන්නම්... මේ හරක් බැලිල්ල නම් දැන් එපා වෙලා.. කන්න දෙකක් කුඹුර වැඩ කරගෙන ඉන්නවා නම් තමයි..

ඔහුට‍ මේ හඟුරන්කෙත ජීවිතය එපාවි තිබුණි.

ඒත් පොඩි එකෙක්වත් නුවරට පිටත් කරගන්න විදියක් නැති හැටි.. යනව නං ඉතිං කඩේක වැඩකට තමයි. ඔහුගේ ගැමිකම ගැන ඔහු නොසතුටුව ඇති බව පෙනේ. හැම දෑම මුන් කියන විදියට ඉන්ට එපායැ. සල්ලි තියෙන වුන් ළමයි වෙනම තැනකට ගාල් කරල උගන්නනවලු.

අපෙ වුන් ඉතිං ඔය මාදංවල පන්සලට ගිහිල්ල ඉගෙනගත්ත අකුරු සාත්තරේ තමයි. දරුවන් සියල්ල කසාද බැද ඇති බන්ඩාගේ පවුලට හිමි කුඹුරු කිහිපය ඔහුගේ දරුවන්ට ද බෙදී ඇත.

ලොකු එකාගෙත් දරුවා දැන් කුඹුරට තේ එහෙම ඇරගෙන යයි. උනුත් මේ මීහරක් චක්කරේම හැදි ගෑවි ගෑවි දුවාවි. අපට ඉතිං වෙන මො‍කොවත් කියල කරන්ටයැ. මේ හී හෑම හැර.

අවදි වන විට ඒසී කාම‍රයේ උව Sදු Bන්ඩාට දාඩිය දමා තිබුනි. පුද්ගලික වශ්වවිද්‍යාල පටන් නොගන්නට කටයුතු කරන්නට ඔහු තීරණය කර තිබුණි.

-විශ්ව-

Thursday, July 1, 2010

පදික වේදිකාවෙන් නික්ම ගිය සොයුරනි













නගර කොන් වල
උක්කුටිකයෙන් හිඳගෙන
බීඩි උරන සොයුරනි

අපිදු රොස් වී ඇත්තෙමු
ඇ‍ඟේ හැපෙන විට
කෑගසන විට

ඔබේ හඬ
කරදරය
අද නැත

ඔබේ දරුවන් හඬනවාද
අපි නොදන්නෙමු
උන්ද නොදන්නා සේ හිඳී

උඹලා ද නොදැන
උඹලා ගැන
ඔන් ලයින් කවි ද පල වෙයි

අපි නොදන්නෙමු
උඹලාගේ රෑ කෑම වේල ගැන

එහෙත්,
උන් දනියි
........................
සියල්ල.....!

-විශ්ව-
30/06/2010