Tuesday, June 29, 2010

පදික වෙළෙඳුනි


පැරණි බිත්ති මතුව

ගෙවුනු සිමෙන්ති පෙනේ...

ආශ්චර්යයකි.....

ඇපල් නැත.



-විශ්ව-
30/06/2010



Thursday, June 24, 2010

මගේ සාරය




ඔවුන්
මා මිරිකා
සාරය ගනියි...

ඉල ඇට ද
කොඳු ඇට ද
ඔළු ඇටද
පුපුරවමින්
මිරික මිරිකා එකතු කරයි

හැඩ ගසා
බ්‍රොයිලරයන් කරන පාසල
වැඩ දමයි දහම් පාසල

සිරිමත්ය පවුලට
පාඩම් කරති කෙළියට
පාස් කර කඩ ඉම
පැක්ටේරියට නිසි ලෙස

පැක්ටේරියයි මේ
ඔෆිස් කියා කියන
ටයි දමාගෙන ය එන්නේ
අමුඩෙත් මගේ නෙවෙයිනේ

ඒසී දමා දී
කැරකෙන පුටු වලට බර දී
මොනිටරයටම නෙත් දී
ජීවිතයම පැරදී

මා මිරිකා
සාරය ගනියි...

මා මිරිකා
සාරය ගනියි...

ඒ සාරය එක මිට ගෙන
එච්එස්බීසී හරහා
ස්ටෑන්ඩඩ් චාටට් හරහා
යුරෝපයට
සැප කොළඹට
කොළඹ 7 ට
ඇයි රජගෙට... ?

උන් මහ මාළිග නංවයි..
නවතා ඇත කඩ්ඩෙන්
නවතා ඇත විනයෙන්

කුඩා කාරයක ඒසී
නවතාලයි මා කේන්ති

ණය ගමු අප රොක් වෙලා
ක්‍රෙඩිට් කාඩ් එක් වෙලා

මුළු ලොවටම ඇහෙනා සේ
කෙසේ කෑගසම් සිත්සේ
එක පසෙක පියන්ය
අනෙක් පසෙහි යාලුවන්ය
පිටුපස මා කෙල්ල සිටී
ගැට්ට ඉදිරියෙන්ම සිටී

කෙසේ කෑගසම්ද මා
ටයි පටියක් ගෙල වටකර
ජෙල් කොණ්ඩය හිස වටකර

වෙනස් නොවේවි
මා කොණ්ඩය
බදින ටයි පටිය
පැදයන කුඩා කාරය
ගෙතුලටම වැදී
මා නෙතු පියන් වෙහෙසී
දිනක් ඒවිද මතු
බසින්නට එළියට
බලන්නට නිල්වන් සයුර
...........................
එතකොටම තව එකක්
මාසික ණය වාරිකය
වාහනයේ ෆිනෑන්සය
සෙනසුරාදා ගෙවෙයි
අයියෝ රෙදි සේදුමටම
හවස් වන විට
මිරිකා ගනිමි බෙල්ල
හෙට ඉරිදා
අනිද්දාට සූදානම්ව
සඳුදා වැඩ
...........................
යමි
සියල්ල හැරදා
රැස්වීමට
සෙල්ෆෝනය වසා
මොලයද වසා
සිරුරෙන්ම පමණක්
පෙනී සිටිනෙමි
.................
ටයි දමන් ඉන්න වුන්
දැන් ඉතිං හිතපියව්
කෑගසන ක්‍රමේ ගැන
හොයපියව්


-විශ්ව-

Tuesday, June 22, 2010

පිනි


ඉර සමග
හිනැහෙන
සඳේ කඳුළු

Thursday, June 3, 2010

වැස්සෙන් පසු



වැස්සෙන් පසු
තාප්පය උඩ හිරු එලියේ
මෙන්න පූසෙක්

-විශ්ව-


වැසි අහස
ගලන මුහුණු

හිනැහෙන කොළු රැල

නල්ලුර්


නල්ලුර් පෙදෙස
ඉරි ඇති නලල

මා හදේ ශිව

Wednesday, June 2, 2010

මල්


වැසි යට වැටෙන

කකුලට තැලෙන

ඇසල මල්....



-විශ්ව-

කොතරම් නම් පාළු විය හැකිද මිනිසෙකුට....

කොතරම් නම්
පාළු විය හැකිද
මිනිසෙකුට....

අද උදෙත්
කොල වැටුනි,
කහ පාටින් පාර දෙපස...
නිල්වන් තුරු වියන්
කහවන් කොල වලට උඩින්
හිරු එළිය බොමින්
මල් පුබුදමින්

වැටුනු කොල පසුකර
නලා හඩට යටින්
නෑසු කන්ව
සුන්දර ගස් මැදින්
හවසක පිය මනිමි...
පාළුව සොයා

ක්‍රික් නද සමග
අහසේ දිලෙන
තරුවක එළියෙන්
පාළුව ගලා එයි...

මලානික තරු එලිය
තාර ඇතිරූ කලුවර මහ මග
යළි යළිත් නිසල කරවයි...

කිසිවෙකුට නොකියා
කිසිවකුදු නොදොඩා
සිහින් මද නලක්
තරු එළිය හාමුසු වෙයි..

සිනහවත් පිරුණු
පෙමත් පිරුණු
මිණිකැට දෑස්
හදවත බර කරමින්
අතීතයට සිත ගෙන යයි..

මලානික තරු එළිය
අඳුර ගෙට කැන්දයි.....
වැසි වලින් පසු නිහඬතා‍වයේ
ක්‍රික් හඬ
හදවත පාළු කරවයි....

මෙතරම්
පාළු විය හැකිද
මිනිසෙකුට....

-විශ්ව-