Wednesday, June 2, 2010

කොතරම් නම් පාළු විය හැකිද මිනිසෙකුට....

කොතරම් නම්
පාළු විය හැකිද
මිනිසෙකුට....

අද උදෙත්
කොල වැටුනි,
කහ පාටින් පාර දෙපස...
නිල්වන් තුරු වියන්
කහවන් කොල වලට උඩින්
හිරු එළිය බොමින්
මල් පුබුදමින්

වැටුනු කොල පසුකර
නලා හඩට යටින්
නෑසු කන්ව
සුන්දර ගස් මැදින්
හවසක පිය මනිමි...
පාළුව සොයා

ක්‍රික් නද සමග
අහසේ දිලෙන
තරුවක එළියෙන්
පාළුව ගලා එයි...

මලානික තරු එලිය
තාර ඇතිරූ කලුවර මහ මග
යළි යළිත් නිසල කරවයි...

කිසිවෙකුට නොකියා
කිසිවකුදු නොදොඩා
සිහින් මද නලක්
තරු එළිය හාමුසු වෙයි..

සිනහවත් පිරුණු
පෙමත් පිරුණු
මිණිකැට දෑස්
හදවත බර කරමින්
අතීතයට සිත ගෙන යයි..

මලානික තරු එළිය
අඳුර ගෙට කැන්දයි.....
වැසි වලින් පසු නිහඬතා‍වයේ
ක්‍රික් හඬ
හදවත පාළු කරවයි....

මෙතරම්
පාළු විය හැකිද
මිනිසෙකුට....

-විශ්ව-

1 comment:

  1. සිනහවත් පිරුණු
    පෙමත් පිරුණු
    මිණිකැට දෑස්
    හදවත බර කරමින්
    අතීතයට සිත ගෙන යයි..

    Kaviyama lassanayi ! Eth me kotasata mama godak asayi..

    ReplyDelete