Thursday, July 1, 2010

පදික වේදිකාවෙන් නික්ම ගිය සොයුරනි













නගර කොන් වල
උක්කුටිකයෙන් හිඳගෙන
බීඩි උරන සොයුරනි

අපිදු රොස් වී ඇත්තෙමු
ඇ‍ඟේ හැපෙන විට
කෑගසන විට

ඔබේ හඬ
කරදරය
අද නැත

ඔබේ දරුවන් හඬනවාද
අපි නොදන්නෙමු
උන්ද නොදන්නා සේ හිඳී

උඹලා ද නොදැන
උඹලා ගැන
ඔන් ලයින් කවි ද පල වෙයි

අපි නොදන්නෙමු
උඹලාගේ රෑ කෑම වේල ගැන

එහෙත්,
උන් දනියි
........................
සියල්ල.....!

-විශ්ව-
30/06/2010

1 comment:

  1. ආත්මාර්ථය
    හඬ නගා සිනසෙන නමුත්
    පපුවේ කොහේදෝ
    තැනකින්
    නැගෙන වේදනාවක්
    මට මා ගැනම
    මහා ලැජ්ජාවක්
    ඇතිකරයි......
    ඒ අස්සෙන් තර්ක් ඥානය
    මගෙ උඩු හිතට
    ඇගිල්ලෙන් ඇන
    රහසක් කියයි....
    ඊලඟට කවුද?
    උඹේ අංකය කීයද.......

    ReplyDelete