Monday, July 5, 2010

සුදු බණ්ඩාගේ කතාව

Sදු Bන්ඩා හවස මී හරකුන් දක්කාගෙන කන්ද උඩහට ආවේය. කඳුකර අවුවට හසුව කළුවන් මුහුණැතිව Sදු Bන්ඩා නිවසට සේන්දු විය. Sදු Bන්ඩා තෙදරු පියෙකි. ගොවිතැන හැර වෙනත් කිසිවකට යාමට ඔහුගේ රටේ ඉඩක් නොවීය. කූඩැල්ලන් ගැලවීමට කකුල් අතගාන ගමන් බණ්ඩා මෙසේ සිතීය.

කොළඹ ඉන්න මහත්තුරුන්ට වගේ අපිටත් නිකංම ඉදලා සල්ලි ගන්න.. ජැන්ඩියට ඇඳ පැලඳ‍ගෙන ගෙවල් ඇතුලට ගිහිල්ලා ලියන වැඩ කරලා කාසි හොයාගන්න පුලුවන්නම්... මේ හරක් බැලිල්ල නම් දැන් එපා වෙලා.. කන්න දෙකක් කුඹුර වැඩ කරගෙන ඉන්නවා නම් තමයි..

ඔහුට‍ මේ හඟුරන්කෙත ජීවිතය එපාවි තිබුණි.

ඒත් පොඩි එකෙක්වත් නුවරට පිටත් කරගන්න විදියක් නැති හැටි.. යනව නං ඉතිං කඩේක වැඩකට තමයි. ඔහුගේ ගැමිකම ගැන ඔහු නොසතුටුව ඇති බව පෙනේ. හැම දෑම මුන් කියන විදියට ඉන්ට එපායැ. සල්ලි තියෙන වුන් ළමයි වෙනම තැනකට ගාල් කරල උගන්නනවලු.

අපෙ වුන් ඉතිං ඔය මාදංවල පන්සලට ගිහිල්ල ඉගෙනගත්ත අකුරු සාත්තරේ තමයි. දරුවන් සියල්ල කසාද බැද ඇති බන්ඩාගේ පවුලට හිමි කුඹුරු කිහිපය ඔහුගේ දරුවන්ට ද බෙදී ඇත.

ලොකු එකාගෙත් දරුවා දැන් කුඹුරට තේ එහෙම ඇරගෙන යයි. උනුත් මේ මීහරක් චක්කරේම හැදි ගෑවි ගෑවි දුවාවි. අපට ඉතිං වෙන මො‍කොවත් කියල කරන්ටයැ. මේ හී හෑම හැර.

අවදි වන විට ඒසී කාම‍රයේ උව Sදු Bන්ඩාට දාඩිය දමා තිබුනි. පුද්ගලික වශ්වවිද්‍යාල පටන් නොගන්නට කටයුතු කරන්නට ඔහු තීරණය කර තිබුණි.

-විශ්ව-

3 comments:

  1. අනෙ හැබැටම හීනේ හැබෑවුනෝතින් කියලා මට හිතුනා...Sදු Bන්ඩෝ...අපි කොයිබටද?.....MකRaක්ෂයා එක්ක කුවේරගෙන් රාවණ හොරාගත් ඓශ්චර්‍යමත් ලඬ්කාදීපයටද?....

    ReplyDelete
  2. පට්ට.....කතාව.....

    සල්ලි තියන උන් කොහොමත් පිටරට ගිහිල්ල හරි ඉගන ගන්නවානේ............

    ReplyDelete
  3. මචං සුදුබණ්ඩා කියන්නේ මහින්දගේ මැෂින් එකේ එක wheel එකක් විතරයි.ඒකට කරන්න පුළුවන් දෙයක් නෑ.මහින්දට ඕන විදිහට මැෂින් එක දිව්වෙ නැත්තං,අර වැඩකරන්නැති wheel එක ගලවලා දායි මහින්ද.ඒ නිසා කොච්චර මී හරක් ගද දැනුනත් සුදු බණ්ඩාට කරන්න දෙයක් නෑ.

    ReplyDelete